අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කරනවා.

ඒ, පස්වරු 2 ට මතුගම, කරම්පෑතර පිහිටි ඒ මහතා විසින්ම සකසා ගත් සොහොන් භූමියේදියි.

ඒ මහතාගේ දේහය මතුගම යටදොලවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අද දිනයේත් දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව පවතිනවා.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ තිබුණා.

එලෙස පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතු`ඵ දේශපාලනඥයින් ඔහු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content