තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශගුණික විපර්යාවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින්අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටි‍යේ ඊයේ (20) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ (1st WLI Asia Oceania Conference 2024) සමාප්ති උත්සවයට එක් වෙමිනි.
තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පළමුවරට සංවිධානය කළ මෙම සමුළුව ජූනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල, දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්විණි.

WhatsApp Group

Skip to content