පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ , සිය නිලධාරින්ට එල්ල වූ ප්‍රහාරයකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

නිලධාරින් පිරිසකට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තවත් තිදෙනෙකු අනිද්දා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පලකළ සමස්ත ලංකා විමර්ශන නිලධාරින්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා .

https://www.vnews.lk/storage/2023/05/KOSALA-RANGANATHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content