පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162 සිට 184 දක්වා මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 235 සිට 264 දක්වා මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 270 සිට 303 දක්වාත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180 සිට 232 අතර මිලකටත්, සුදු බිත්තරයක් රුපියල් 40 සිට 44 දක්වා මිලකටත් විකිණිය යුතු වනවා.

එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 910 සිට 1050 ත් අතර මිලකට විකිණිය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content