වැඩබලන නීතිපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ විශ්‍රාම යාමෙන් පසුවයි වැඩබලන නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා පත්කර ඇත්තේ.

හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබුණා.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ එම නිර්දේශය අවස්ථා දෙකකදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

WhatsApp Group

Skip to content