බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර මහතාට පෙරේදා සවස පුද්ගලයකු පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 163,000ක මුදල් හා සුදු රත්තරන් මාලයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා .

නීතිඥවරයා මෝටර් රථය තුළ සිටියදී එම මෝටර් රථය අසලට පැමිණි පුද්ගලයකු අතපාමින් මුදල් ඉල්ලා ඇති බව සදහන් . මුදල් නැති බව පැවසූ විට එම පුද්ගලයා විසින් ඉණේ සඟවාගෙන සිටි උල් පිහියක් අතට ගෙන එය දිගු කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000ක මුදලක් මුලින්ම කොල්ලකා තිබෙනවා . අනතුරුව මෝටර් රථයේ තිබුණු බෑගයක් ද ඔහු විසින් කොල්ලකෑමට තැත් කර ඇති අතර ඒ තුළ තිබුණු සුදු රත්තරන් මාලයක් එළියට විසි වී ඇති බවත් අනතුරව එය ද කොල්ලකා සැකකරු පලාගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොල්ලකරු මේවන විට හඳුනාගෙන ඇති අතර ඔහු වැල්ලවත්තේ පදිංචි “රොක්සිවත්තේ රංජි” නම් දැඩිලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් බවයි .

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හසන්ත මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක කෙරේනවා .

WhatsApp Group

Skip to content