සැප්තැම්බර් 8 සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වෙන ලෝක ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මිට්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සුදුසුකම් ලබා තිබෙනවා.

2021 වසරේදී ද ලෝක බැඩ්මිට්ටන් ශූරතාවලිය නියෝජනය කළ සහන් ප්‍රදීප් විතාන මහතා හෙට දින මෙම තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෝක ශුරතා තරඟාවලියකට සහභාගිවන දෙවන අවස්ථාව ද මෙය වනවා.

ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය නියෝජනය කිරීම සඳහා දිවයිනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු පිටත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content