පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට විපක්ෂ නායකවරයා, රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.

ඊට අනුකූලව එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇති බව පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කරමින් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභා රැස්වීමකට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ උපදෙස් මාලාවෙන් දක්වා තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා, කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙම ලිපිය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

 

WhatsApp Group

Skip to content