පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එක් සංශෝධනයකට යටත්ව එම අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

මේ අනුව මෙම පනත යටතේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයින්ට සිය පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා මෙම කාර්යාලයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

රජයේ මුදල් කාරක සභාව වැඩි දුරටත් කියා සිටියේ, ඡන්ද අපේක්ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අයත් ප්‍රතිපාදන වඩා විනිවිදභාවයකින් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කිරීමේ හැකියාව මෙයින් ලැබෙන බව ද සඳහන්.

WhatsApp Group

Skip to content