විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නයක් අසමින් සිටින අවස්ථාවේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි පහකට කල් තැබූ පාර්ලිමේන්තුව විනාඩි 40කට ආසන්න කාලයක් කල්තැබීමෙන් අනතුරුව යළි රැස්ව තිබෙනවා.


පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබේ [Nov 21, 2023 at 10:44]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27-2 යටතේ නගන ලද ප්‍රශ්නයක් ඇසීමත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5ක කාලයක් සඳහා කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තා.

අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාගේ අසුන අසලට පැමිණ කළහකාරී ලෙස හැසිරෙමින් විපක්ෂ නායකවරයාගේ 27-2 යටතේ අසල ලද ප්‍රශ්නයද උදුරා ගනු ලැබූ බවයි වී නිව්ස් පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content