පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කුමන්ත්‍රණයක් බවට සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා .

ඔහු පැවසුවේ ජනාධිපතිවරයා , කිසිදු සකච්ච්ව්ක සිදු නොකර තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කල බවයි .

අද පැවති මාධ්‍ය හමුවකදී පර්ලිම්නේතු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අවධරණය කළා .

https://www.vnews.lk/storage/2023/01/LAXMAN-KIRIALLA-EDIT-.mp3?_=1

මේ අතර නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර තිබෙනවා.

ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ලබන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වනවා.

WhatsApp Group

Skip to content