ජනවාරි 24 වැනි දින පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා .

ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අවසන් කිරීමට අදාළ ගැසට්ටුව මෙම මස 24 වැනිදා නිකුත් කිරීමට නියමිත බවයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

මීළඟ සභා වාරය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවයි එම දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටියේ.

මේ අනුව කෝපා  සහ කෝප්  ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 50 කට අධික ප්‍රමාණයක් ජනවාරි 24 වැනිදා සභා වාරය අවසන් කිරීමත් සමඟ විසුරුවා හැරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content