පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පසුගියදා (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
මේ අනුව ජූනි 4 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

  • කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූනි 4
  • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජූනි 5
  • ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6

WhatsApp Group

Skip to content