පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් සදහා ශෝක යෝජනා පළ කිරීම සදහා අද සම්පූර්ණ දිනය වෙන්ක කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර ඊයේ පැවති සභාව කල් තැබීමේ විවාදයේදී දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදා සමතා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා.
එහිදී ඔහු සදහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත නොකරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කරන්නේ නම් ඊට සහයෝගය ලබා දෙන බවයි.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-EDIT-2.mp3?_=1

විපක්ෂය විසින් දිගින් දිගටම දේශීය ණය ප්‍රතිව්‍යූහකිරීම ගැන සදහන් කරමින් සමාජය තුළ භීතිකාවක් ඇති කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content