පාර්ලිමේන්තුව අද සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ පළ කර ඇති නියෝග අද දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි .

ඉන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළා

මේ අතර පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළඹෙන 21 වනදා සහ 22 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා .

WhatsApp Group

Skip to content