මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 25 වැනිදා දක්වා දින 4ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග, සංචාරක කටයුතු පනත යටතේ ගැසට් නිවේදනයක පළ කර ඇති නියමයක් විවාදයට ගෙන අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථවේ ප්‍රශ්න ඇසීම සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content