මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 10 වැනිදා දක්වා දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.

අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා අත්හිටුවීමට අදාල විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content