පාර්ලිමේන්තුව අද දිනයේදීත් කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබෙනවා.

අද දිනයේදිත් පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ අපරාධ වින්දිතයින් මෙන්ම සාක්ෂිකරුවන් හට සහය දීම, ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවනිවර කියවීමට අදාළව කල්තබන ලද විවාදය දෙවන දිනටත් මෙලෙස පැවැත් වෙනවා. ඉන් අනතුරුව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා.

රට බංකොලොත් භාවයට පත් කළේ කවුරුන්ද යන්න පිළිබදව සොයා බැලීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මුදල් කාරක සභාවේ සභාපතීත්වයට පත් කළ යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/LAXMAN-KIRIELLA-EDIT.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/07/ANURA-PRIYADARSHANA-EDIT.mp3?_=2

අදාළ විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ රට පත්ව ඇති අර්බුදයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම වගකිව යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/07/KANCHANA-EDIT.mp3?_=3 https://www.vnews.lk/storage/2023/07/KANCHANA-EDIT-02.mp3?_=4

2019 ජනාධිපතිවරණයෙන් පසුව එක්වරම එවකට පැවති ආණ්ඩුව විසින් සිදුකරන ලද බදු සහන හේතුවෙන් රට බංකොලොත්භාවයට පත් වූ බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-EDIT-.mp3?_=5

මේ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන තර්කය පදනම් විරහිත බවයි.

https://www.vnews.lk/storage/2023/07/BANDULA-EDIT-01.mp3?_=6

WhatsApp Group

Skip to content