පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්වීමට නියමිතයි .

ඒ අනුව අද දිනයේදී අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් මස 8 වන දින පවත්වා කල්තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් සත්වයින් ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කලේ  මේ සදහා පරිසර සංවිධාන විසින් ඉඩ ලබා නොදෙනු ඇති බවයි .

ඒ හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියකට යොමු වූ බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2024/01/MAHINDA-AMARAWEERA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content