පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේදී පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා කාලය රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත දෙවනවර කියවීම, විශේෂ වෙලඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 05ක් ඇතුලු යෝජනා සහ නියමයන් කිහිපයක් පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති විවාදයෙන් පසුව එම පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා වන ඡන්ද විමසීම පැවැත්වුණා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමිවු අතර ඊට විරුද්ධව හිමිවුණේ ඡන්ද 59ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 44කින් සම්මත වුණා.
අනතුරු කාරක සභා අවස්ථාවෙන් පසුව කතනායක මහින්ද යාපා අබේවර්ධ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වු බවයි.

WhatsApp Group

Skip to content