පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. එසේ සිදුකළහොත් පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න සියල්ල අහෝසි වන බවයි ඔහු සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/12/LAXMAN-EDIT-.mp3?_=1

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල්වල ගොඩනැගිලි අනාරක්ෂිත තත්ත්වයෙන් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/12/SAJITH-EDIT-02-1.mp3?_=2

ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේ එවැනි පාසල් සම්බන්ධයෙන් තොරතුරු රැස්කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/12/SUSIL-EDIT-01-1.mp3?_=3

මේ අතර සිවිල් ආරක්ෂක නිලධාරින් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/12/PRAMITHA-BANDARA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content