පාර්ලිමේන්තුවේ කමිටු පත් කොට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවකින් පත්වන කමිටුවට ආණ්ඩුවේ බහුතරයක් හිමිවීම හේතුවෙන් ඉන් සාධාරණයක් ඉටුනොවනු ඇති බවයි .

මාධ්‍ය වෙත අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/09/GAJENDARAKUMAR-EDIT-.mp3?_=1

මේ අතර පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-PREMADASA-EDIT-1-2.mp3?_=2

මේ අතර පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් සිය වාර්තා වැඩසටහන මගින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ තීරණය කළා .

එමෙන්ම මෙම ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද නියමිත බවයි රජය පවසන්නේ .

WhatsApp Group

Skip to content