සමලිංගික පිරිමි පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ සමාව අයැද සිටින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.
ඒ අනුව මෙම ප්‍රකාශය කිසිවෙකුගේ සිත් රිදවීමේ අදහසින් පාප් වහන්සේ ප්‍රකාශ නොකල බවට වතිකානුව නිකුත් කළ නිවේදනයක සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඉතාලි බිෂොප්වරුන්ගේ සමුළුවේදී සමලිංගික පිරිමින් පුද්ගලයන්ට පූජකත්වය සඳහා පුහුණුවීමට ඉඩ නොදිය යුතු බවට පාප් වහන්සේ සිදු කළ ප්‍රකාශය පිළිබඳ විවිධ අදහස් පළව තිබුණා.
ඒ අනුව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙලෙස සමාව අයැද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content