පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා.

රළ පහරට හසුවීමෙන් අනතුරුව ඔහුව අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.

මිතුරන් පස්දෙනෙකු සමඟින් පානදුර ළමා උද්‍යානය අසළ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබුනා.

එහිදී පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් තරුණයෙකු බේරා ගැනීමටයි සමත් වුනේ.

බේරාගත් තරුණයා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content