පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදැසන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයා ලංගම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන අතර, ඔහු පානදුර ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා

WhatsApp Group

Skip to content