පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙරටදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීමට නියමිතයි.

ඊට අදාළ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

තරග 2 කින් සමන්විත තරගාවලිය ජූලි 16 වන දා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම 2 වන සහ අවසන් තරගය ජූලි 24 වන දා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී ආරම්භ වනු ඇති.

මෙම සංචාරය සදහා පාකිස්ථාන කණ්ඩායම ලබන මස 9 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය 2023/2025 අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුලත් වනවා.

 

WhatsApp Group

Skip to content