අෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගන්නට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 59කින් ජයගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 268ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 48 යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී ලබා ගතහැකි වුණේ ලකුණු 209ක් පමණයි.

WhatsApp Group

Skip to content