ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 7න් පරාජයට පත් කරමින්.

පාකිස්ථානයේ ලාහෝර්හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 193ක් රැස් කළා.

එහිදී මුශ්ෆිකර් රහීම් ලකුණු 64ක් සහ නායක ශකීබ් අල් හසන් ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී හරිස් රවුෆ් ලකුණු 19ට කඩුළු 4ක් සහ නශීම් ෂාහ් ලකුණු 34ට කඩුළු 03ක් බිඳහෙලීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 194ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී ඉමාම් උල් හක් ලකුණු 78ක් සහ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content