2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානයට එරෙහි තරගය ලකුණු 93කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්ථානයට පන්දුවාර 43යි පන්දු 03ක් තුළ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 244ක් පමණයි.

මෙම පරාජයත් සමග පාකිස්ථානයට මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉවත් වීමට සිදුවුණා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගය සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

ලබන 15 වනදා වන්කඩේ ක්‍රිඩාංගනයේදීයි මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

දෙවන අර්ධ අවසන් පුර්ව වටයේ තරගය ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 16 වනදායි.

WhatsApp Group

Skip to content