ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල නිදහස් කර ගැනීම සදහා පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළ දමා තිබෙනවා.

පාකිස්ථාන මුදලින් රුපියල් බිලියන 215 ක බදු ආදායමක් උපයා ගැනීමේ යෝජනාව ඇතුඵ යෝජනා රැසක් මෙවර අයවැයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අයවැයෙන් බදු ඉහළ දැමීම පාකිස්ථානයට ණය මුදල් නිදහස් කිරීමේ ප්‍රධානතම කොන්දේසියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

නව බදු පැනවීමට අනුව රුපියල් බිලියන 70 ක් පොහොර බද්දෙන් ලබා ගැනීමට නියමිතයි.

රුපියල් ලක්ෂ 2 කට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් රුපියල් බිලියන 30 ක් බදු වශයෙන් අය කර ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව රුපියල් බිලියන 85 කින් රජයේ වියදම් කපා හැරීමට ද තීරණය වී ඇති බව සදහන්.

එමෙන්ම ඉන්ධන බද්ධ රුපියල් බිලියන 50 හේ සිට 60 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content