පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතර තුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පිපිරීමෙන් තවත් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස තුවාල ලැබූ පිරිසෙන් පුද්ගලයන් 15දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවට සාක්ෂි ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content