පාකිස්ථානයේ පවතින අධික උෂ්ණාධික තතත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 568 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් දෛනිකව පුද්ගල මළසිරුරු 30 සිට 40 දක්වා රෝහල්වල මෘත ශරීරාගාර වෙත රැගෙන එන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තා වන බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වන වැඩිම පුද්ගලයන් අවුරුදු 60 ත් 70 ත් අතර වයස්වල පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content