පාකිස්ථානයේ සින්ග් ප්‍රාන්තයට හෙට දිනයේදී බිපාර් ජෝයි සුළි කුණාටුව හමා යනු ඇතැයි එරට කාලගුණික අංශ අනතුරු අගවා තිබෙනවා.

මේ හේතුවෙන් එම පළාතේ පුද්ගලයින් 80,000 ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හෙට දිනයේ පැයට කිලෝමීටර 135 ක වේගයකින් බිපාර් ජෝයි සුළි කුණාටුව සින්ග් ප්‍රාන්තයට කඩා වදිනු ඇති බවටයි එරට කාලගුණික අංශ පවසන්නේ.

එමෙන්ම ඉන්දියාවට බලපා ඇති බිපාර් ජෝයි සුළි කුණාටුව හේතුවෙන් 35,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content