සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

තෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්. එහිදී ධනංජයද සිල්වා ලකුණු 122ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 461ක්.
එහිදී හුදෙකලා සටනක නිරත වෙමින් සවුද් ශකීල් නොදැවී ලකුණු 208ක් රැස් කළා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content