පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රිඩක වහාබ් රියාස් පත්කර තිබෙනවා.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකළ බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වෙනස් කිහිපයක් ද සිදුකර තිබෙනවා.

බාබර් අසාම් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වු අතර වේග පන්දු යවන ක්‍රිඩක ෂහීන් ෂා අෆ්රිඩි නායකත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content