පාකිස්තාන උද්ධමන අගය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මාස 5කට පසු එරට වාර්තා වු ඉහළම උද්ධමන අගය පසුගිය සතියේ වාර්තා වී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පාකිස්තාන රජය විසින් පසුගිය සතියේ හදුන්වාදුන් නව බදු ප්‍රතිපත්ති අනුව කුකුල් මස් / බිත්තර / සහල් / දුම්වැටි සහ ඉන්ධන වල මිල සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බව සදහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ලබා ගැනීම සදහා පාකිස්තානය තම බදු ප්‍රතිපත්තිය දැඩි කර තිබෙනවා .

මේ හේතුවෙන් එරට ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි පාකිස්තාන විපක්ෂය චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී චීනය පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ආධාර මුදලක් ලබා දීමට කටයුතු කළා.

WhatsApp Group

Skip to content