ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටයි.

මෙය වසර කිහිපයකින් ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස සඳහන් වනවා.

මේ අතර පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ සුක්කූර් දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබෙනවා.

ඉදිරි දින කීපය තුළදී ද අධික උෂ්ණත්වයේ බලපෑම බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content