ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට නැවත සහය පළ කිරීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය ලබා දෙන බවයි.

ඔහු සමඟ එම දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයත් පිරිසක් ද නාමල් රාජපක්ෂ මහතාට සහය පල කරනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content