රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප සීයට අයත් පාසල් 7902 ක මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එක් සිසුවකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන්කර තිබෙනවා.

වෙළඳපොලේ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උච්ඡාවචනය අනුව එකී ආහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැයවෙන බවයි  මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කර ඇත්තේ..

ඒ අනුව එක ආහාර වේලක් වෙනුවෙන් එක් සිසුවකු සඳහා වැයවෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමටත් ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා  2024 වර්ෂයේ දින 170ක් පාසල් ආහාර  වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content