ප්‍රාථමික රෝහල්වල දැනට හිඟ වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පැවසුවේ මාස 3 කට සරිලන ලෙස එම ඖෂධ තොග මිලදී ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉතාම නුදුරු දිනකදී භාර දෙන බවයි.

මේ වනවිටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතිනවා.

ඊට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ඇති සියලුම දන්ත සායනවලට අවශ්‍ය ඖෂධ ලබා දීමටද අවදානය යොමු කර ඇති අතර එම සේවා යථා තත්ත්වයට පත් කිරීමට එමගින් හැකියාව ලැබෙනු ඇතැයි වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content