සංගීත ප්‍රසංග නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා.

එහි සභාපති දිනේෂ් ආතාවුද මහතා මේ බව සදහන් කලේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මැතිවරණය අවසන් වනතුරු ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් තම පිරිස දැඩි ලෙස අපහසුතාවයකට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම ගැටලුව පිළිබඳව වහාම සොයා බලන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සංගමය සහාය ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම සංගීත ප්‍රසංග සහ විනෝද සැණකෙළි සංවිධාන කිරීම සඳහා විනෝද බදු අසීමිත ලෙස ගෙවීමට සිදුව ඇති බවද ඔහු පැවසුවා.

ප්‍රසංගවලින් අය කෙරෙන විනෝද බද්ද අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බවයි දිනේෂ් ආතාවුද මහතා සදහන් කලේ.

WhatsApp Group

Skip to content