රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමයේ අභිවෘද්ධිය උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් ක්‍රීඩා භාණ්ඩ තොගයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමය වෙත පරිත්‍යාග කිරීම ඊයේ (25) රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරිණ.

රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා ඉදිරියේ දී කටයුතු කරන බවත්, රාජ්‍ය ආයතනවල ක්‍රීඩා සංගම් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ඉදිරියේ දී ලබා දීමට බලාපොරොත්තු වන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

WhatsApp Group

Skip to content