ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

ඇය ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ නිරංජලා සරෝජිනී මහත්මිය ප්‍රතිකාර සඳහා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content