ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද දෙවන දිනටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය හමුවේ පෙනී සිටියා.

පසුගිය 21 වන දා ඔහු පළමුවරට එම විශේෂ ඒකකය හමුවේ පෙනී සිටි අතර ඔහුගෙන් පැය හතරහමාරකට ආසන්න කාලයක් විමර්ශන නිලධාරින් ප්‍රශ්න කර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මූල්‍ය කළමනාකරණ ගැටලුවලට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු 10 ක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව සිහළ උරුමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සංදේශයක් භාර දී තිබෙනවා.

WhatsApp Group

Skip to content