පිළිකා සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබා දී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා චෝදනා කළේ අදාළ ප්‍රමිතියෙන් තොර එන්නත් රෝගීන්ට ලබා දීමෙන් ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/11/RAVI-KUMUDESH-EDIT.mp3?_=1

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ කැදවා තිබු මාධ්‍ය හමුවේදී මෙම ප්‍රමිතියෙන් තොර එන්නත් රෝගීන්ට ලබා දී ඇත්දැයි මාධ්‍යවේදීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/ASELA-GUNAWARDHANA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content