ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ගෙන් ඒ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රතිදේහජනක ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content