ප්‍රභූ ආරක්ෂක සේවය සදහා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7693ක් යොදවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

එම පිරිස අතරින් අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලාධාරීන් 563 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1,891 දෙනෙකු යොදවා ඇති බවද ටිරාන් අලස් අමාත්‍යවරයා සදහන් කළා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2,176 දෙනෙකු යෙදවීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content