උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කර අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන බවයි.

පසුගිය දිනක උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබුණි.උතුරු කොරියානු මිසයිලයක් මෙතෙක් වාර්තා කර ඇති දීර්ඝතම පියාසර කාලය සඳහන් කරමින් එය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් දියත් කෙරුණු පසු පැයකට වැඩි කාලයක් කිලෝ මීටර 1000 ක පමණ දුරක් ගමන් කර ඇත.

අමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු කොරියාව මේ හරහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසි ගණනාවක් පැහැදිලිව උල්ලංඝණය කර ඇති බවය.

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති ආසියාන් සංවිධානයේ සමුළුවක් අතරතුරදී, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි සහ දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍ය පාර්ක් ජින් එක්ව මේ බව සඳහන් කර ඇත.

WhatsApp Group

Skip to content