එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල, තරුණ පිතිකරුවෙක් වන හැරී බෘෘක් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

ඔහුගේ මිත්තනියගේ මරණය හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4කට හැරී බෘෘක් ව මිලදී ගෙන තිබේ.

ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුළත් කෙරෙන ක්‍රීඩකයා පිළිබඳ කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැත.

WhatsApp Group

Skip to content