ජර්මනියේ හැම්බර්ග් ගුවන් තොටුපල තවකාලිකව වසා දමා තිබෙනවා.

සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මගීන් 3,200 කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සන්නද්ධ පුද්ගලයෙකු දරුවකු පැහැරගෙන ගුවන් තොටුපලට පැමිණිමත් සමගයි මෙම තත්ත්වය මතුව ඇත්තේ.

අදාළ සන්නද්ධ පුද්ගලයා එම දරුවා ප්‍රාණ ඇපකරුවකු ලෙස තබා ගෙන ඇති බවද සදහන්.

එසේම අවස්ථා දෙකකදී සන්නද්ධ පුද්ගලයා විසින් අහසට වෙඩි තබා ඇති බවත් ක්‍ඊී ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ජර්මානු විශේෂ බලකාය විසින් ප්‍රා ඇපකරු නිදහස් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content